නිවාඩු දුන්නත් තැපැල් ජන්දයට පාසැල් විවෘත කරන්න : අධ්‍යාපන අමාත්‍යාංශය

July 12, 2020 at 7:53 PM

දීවයිනේ ‘‘කොවිඩ් 19’’ වර්තමාන ව්‍යාප්තිය පිළිබඳව සලකා බලා පාසැල් යළි වසා දැමුවද තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු යථා පරිදි පවත්වා ගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීම බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන් ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා එක් සතියක් එනම් හෙට, ජූලි 13 සදුදා සිට 17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා.