කොරෝනා වෛරස් ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල තවදුරටත් පහත වැටෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කර සිටිනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඊයේ දිනයේ ඩොලර් 41.72 දක්වා සියයට 2 කින් පමණ පහත වැටුණු අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 38.92 ක් ලෙස සියයට 1.72 කින් පහත වැටුණා.
මේ අතර සෞදි අරාබිය ප්රමුඛ ඔපෙක් සංවිධානය සහ රුසියාව ඇතුලූ අනෙකුත් තෙල් නිෂ්පාදන රටවල් මිල ප්‍රකෘතිමත් ලෙස පවත්වාගැනීම සඳහා නිෂ්පාදනය තවදුරටත් කප්පාදු කිරීමට සැරසෙන බව සඳහන්. ලබන මාසයේ සිට ඔවුන් එම පියවරට එළඹෙනු ඇති බවයි ඇමරිකානු වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කළේ.