මොරටුව ලුනාව ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ධීවරයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.
මෙසේ වැඩ තහනමක ලක්ව ඇත්තේ පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු හා කොස්තාපල් රියදුරුවරයෙකුයි.
වැඩබලන පොලිස්පතිවරයා විසින් සිදු කරන ලද අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාවට අනුව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝග මත මෙම තීරණය ගෙන ඇති බව පොලීසිය පවසයි.