පොදුජන පෙරමුණේ රැස්වීම් අත්හිටුවයි

July 12, 2020 at 11:31 AM

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් ඉදිරි දින කිහිපය තුළ සංවිධානය කරන ලද සියලු ප්‍රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ජුලි 14,15 හා 16 යන දිනවල සංවිධානය කර ඇති සියලු රැළි අත්හිටුවා ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන්නේ.