කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 87 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ වන විට එම ස්ථානයෙන් හඳුනා ගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 340ක් වනවා. අද දිනයේ පමණක් මේ වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 283ක් වනවා.
අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතවාගෙන ගෙන යනු ලබන කන්දකාඩු හා සසේනපුර ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථාන දෙකේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලය 1150ක් පමණ සිටින බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.