තිදෙනෙකුට මරු කැඳවූ වැල්ලවායේ බිහිසුණු රිය අනතුර

July 10, 2020 at 10:55 AM

වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ වරුණගම ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

අද (10) උදෑසන මෙම අනතුර සිදු ව ඇති අතර එහි දී තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්.