කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ඇතිවී තිබෙන නව කොරෝනා රෝගී පොකුර හේතුවෙන් සමාජයට වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා.
පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වීමෙන් පසු ඔහු පුනුරුත්ථාපනය සඳහා යොමු කොට සිටි කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ සේවකයින් ගේ සිදුකළ PCR පරීක්ෂණ මගින් ආසාදිතයින් 56ක් වාර්තා වූ බවත් එය ඉදිරියේදී තවත් වැඩිවෙනු ඇති බවයි වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.
එම මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි උපදේශිකාවකටද කොරෝනා රෝගය වැලදී ඇති බවට අද දින තහවුරැ වී ඇති බව පැවසූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා ඇය පොදු ප්‍රවාහන සේවා භාවිතා කොට ඇති බවද කියා සිටියා.
වැලිකඩ රෝගියාගෙන්රෝගය සමාජගත වීමේ අවදානමක්.
Posted by Headline News on Thursday, 9 July 2020