විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීමෙන් දශක ගණනාවකට පසු ප්‍රථම වතාවට මෙරට ආනයන වියදමට වඩා අපනයන අදායම වැඩි වී ඇති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කීය.
ඒ අනුව, මේ වසරේ ජුනි මාසය වන විට මෙරට අපනයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,020 ක් වී ඇත.
එහෙත් ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 961 දක්වා පහත ගොස් තිබේ .
වර්තමාන රජයේ ආර්ථික ප්‍රතිපත්තියත් සමඟ අපනයනාභිමුඛ දේශීය ආර්ථිකයක් නඟා සිටුවීමේ පරමාර්ථයෙන් ඇතැම් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට රජය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග සාධනීය වන බවත්, ඒ අනුව මෙරට ආර්ථිකයේ පිබිදීම පිළිබඳව සතුටුදායක බලාපොරොත්තු තබාගත හැකි වන බවත් මෙහි දී වැඩිදුරටත් සදහන් කෙරිණ.
එමෙන්ම, මාස 06 ක් යන තෙක් ආනයන සිමා කරගෙන යන නිසා විවිධ පාර්ශ්වයන්ට ආනයන අපනයන ක්‍රියාවලියේ දී තමන්ට විශේෂිත වූ ගැටළුවක් තිබේ නම් ඒ සම්බන්ධව අඟහරුවාදා දින වල අමාත්‍යාශ වල ලේකම් වරුන්ගෙන් සමන්විත් කමිටුවක් රැස්වන බවත්, අඟහරුවාදා දිනට පෙර එකී කමිටුවට තම ගැටලුව ඉදිරිපත් කළ හැකි බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව ද විශේෂයෙන් සඳහන් කෙරිණි.