කිලිනොච්චියේදී බෝම්බයක් පුපුරා තුවාල ලැබූ හිටපු LTTE සාමාජිකයා මරුට

July 8, 2020 at 10:21 AM

කිළිනොච්චිය, පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේදී බෝම්බයක් සවි කිරීමට ගොස් එය පුපුරා යාමෙන් බරපතල ලෙස තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයා අද (08) උදෑසන අනුරාධපුර රෝහලේදී මිය ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා තුවාල ලැබීමෙන් පසුව මුලින්ම කිළිනොච්චිය රෝහලට ඇතුළත් කල අතර ඉන් පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහල වෙත ඇතුලත් කරනු ලැබුවා.

වයස අවුරුදු 44 ක් වූ එම පුද්ගලයා එල්.ටී.ටී.ඊ.බුද්ධි  අංශයේ කටයුතු කොට පසුව යුද හමුදාවට බාර වීමෙන් අනතුරුව රජයේ පුනරුත්ථාපන ක්‍රියාවලිය  යටතේ පුනරුත්ථාපනය වූ අයෙක් ද වනවා.

නිවසේදී බෝම්බය පිපිරීමෙන් පසුව පොලීසිය කළ් සොයා බැලීමකදී නිවසේ තිබූ තවත් බෝමබ තුනක් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද බෝම්බ පිපිරවීම සදහා යොදා ගන්නා බැටරි ඇතුලු උපකරණද සොයා ගැනීමට පොලීසියට හැකි විය.