විදුලි බිලට සහනය දෙන කමිටු වාර්තාව ඇමති අතට

July 7, 2020 at 12:45 PM

කොවිඩ් 19 ඇඳිරිනීතිය පැවති අප්‍රේල් සහ මැයි මාසවල විදුලිබිල වැඩිවී ඇතැයි මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර වෙත භාරදී තිබෙනවා.

ඇඳිරිනීතිය පැවති කාල සීමාවේදී විදුලිබිල ඉහළ යාම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පසුගිය සතියේ පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවා.

විදුලි බිලට සහන ලබාදීම සම්බන්ධව කරුණු ගණනාවක් මෙම කමිටු වාර්තාවට ඇතුළත් කර ඇති අතර හෙට (08) දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත එම කමිටු වාර්තාව ඉදිරිපත් කරනු ලබන බවත්, ඉන් අනතුරුව එහි නිර්දේශ සම්බන්ධව අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉදිරි කටයුතු කරනු ලබන බවත් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.