කුසල් මෙන්ඩිස් ඇප මත නිදහස් වෙයි

July 6, 2020 at 11:53 AM

පානදුර ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඒ රුපියල් මිලියනයක් වටිනා ශරිර ඇප දෙකක් මතයි.
ඊයේ අත් අඩංගුවට ගත් ඔහු අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ඊයේ දින අලුයම 5 ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

එම අනතුර සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබු අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ. මෙලෙස මිය ගියේ පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්.