කුසල් අධිකරණයට : රිය අනතුර සිදුවූ අවස්ථාවේ වාහනයේ සිටිය අයෙක් ගැනත් හෙළිවෙයි (VIDEO)

July 6, 2020 at 10:58 AM

රිය අනතුරකින් පුද්ගලයකු මියයාමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (06) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ (05) අලුයම පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ඔහු පැදවූ රියේ ගැටී පාපැදිකරුවකු මිය ගියා.

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී අලුයම 5 ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

එම අනතුර සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබු අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ. මෙලෙස මිය ගියේ පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධියෙන් පැයකට පමණ පසු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පානදුර උතුර පොලිස් ස්ථානය වෙත පැමිණ බාර වී තිබු අතර අනතුර සිදු වු අවස්ථාවේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ද කුසල් සමග එම රථයේ සිට තිබෙනවා.