රළු මුහුදු තත්ත්වය හේතුවෙන් අනතුරට පත්වූ ශ්‍රී ලාංකික ධිවර යාත්‍රාවක සිටි ධිවරයින් 06 දෙනෙකු බේරා ගැනීමට ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය සහ MV YM Summit නම් වෙළද නෞකාව සමත්ව තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් වෙරළාරක්ෂක බලකාය කියා සිටියේ MV YM Summit නම් වෙළඳ නෞකාව විශාකාපට්ටම් බලා යමින් සිටියදී චෙන්නායි සිට නාවික සැතපුම් 170 ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටි මුහුදේදී අනතුරට පත්වූ ධිවර යාත්‍රාවක් නිරීක්ෂණය වී තිබෙනවා.
මුහුදු බත්ව ඇති ධිවර යාත්‍රාව සම්බන්ධයෙන් තොරතුරු ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ විශේෂ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමෙන් පසු ඔවුන්ව බේරා ගැනීමට MV YM Summit නෞකාවේ නාවිකයින් සමත්ව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි මෙලෙස දිවි බේරා ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ධිවරයින් බවයි.
#WATCH Six Sri Lankan fishermen being rescued by merchant vessel YM Summit 170 nautical miles east of Chennai, Tamil Nadu. The rescue was coordinated by Indian Coast Guard Maritime rescue coordination centre (Mumbai) and Chennai today morning: Indian Coast Guard pic.twitter.com/xyIa1GzlnL
— ANI (@ANI) July 5, 2020