පාතාලේ ‘බන්ටි’ ගේ වැඩ මෙන්න!

July 5, 2020 at 6:59 PM

අද අලුයම අත් අඩංගුවට ගත් බත්තරමුල්ල බන්ටි නම් පාතාල සාමාජිකයා ජූලි 11දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල අතිරේක මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබෙනවා

බත්තරමුල්ල බන්ටි අත් අඩංගුවට ගැණුනේ කඩුවෙල ප්‍රදේශයේදී.
ඔහු ගමන් කළ මෝටර් රථයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද හමුව තිබෙනවා.

අදාල පුද්ගලයා 2017 වසරේ කලුතර ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සමයං ඇතුලු පාතාල සැකකරුවන් කීපදෙනෙකු මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් බවයි අධිකරණයේදී කරුණු වාර්තා කෙරුණේ.

ඔහු අංගොඩ ලොක්කාගේ සමීප ගෝලයෙක් බවත් පොලීසිය පැවසුවා.