බැඳුම්කර වංචාව ගැන CIDය රනිල්ගෙන් ප්‍රකාශයක් ගනියි

July 3, 2020 at 5:38 PM

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන් මහතා ගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.