රනිල්ට CID යෙන් එන්න කියයි

July 3, 2020 at 1:48 PM
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සදහා එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අද (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර තිබෙනවා.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබාගන්නැයි නීතිපතිවරයා නිකුත් කළ නියෝගයක් මතයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් දෙදෙනාට මෙම කැදවීම සිදුකර ඇත්තේ.