වරාය වෘත්තීය සමිති පෙරවරු 8ට අගමැති හමුවෙති.වර්ජනය ගැන තීන්දුව ඉන් පසුව

July 3, 2020 at 7:02 AM

කොළඹ වරායේ නැගෙනහිර පර්‍යන්තයේ දොඹකර සවිකිරීම පමා වීමට එරෙහිව වරාය වෘත්තීය සමිති නියෝජිතයන් තිදෙනෙකු තවමත් දොඹකරයක් මතවිරෝධතාවේ නිරත ව සිටිති.

ගැටළුව සාකච්ඡා කිරීමට අද උදේ අටට අගමැති වරයා සාකච්ඡාවක් ලබා දී ඇත.

සිය විරෝධය අවසන් කිරීම එම සාකච්ඡා වෙන් පසු තීරණය කරන බව වෘත්තීය සමිති පවසයි.

මේ අතර වරාය සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක පවසන්නේ වරායේ පවතින ගැටලුව    තාක්ශණික එකක් නොව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවයි .

අදාළ දොඹකර සවි කිරීම පමා වීමෙන් මෙතෙක්  මූල්‍ය පාඩුවක් සිදු නොවන බව ඔහු පවසයි.