රෝහල් ගතව සිටින කොරෝනා රෝගීන් ගණන 216 දක්වා අඩුවේ

July 2, 2020 at 12:49 PM

නව කොරෝනා වෛරසය ආසාදනයවී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 79 දෙනෙකු සුවය ලබා අද දිනයේදී රෝහලෙන් පිටව ගොස් ඇත.

මේ වන විට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1827ක් වනවා.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2054ක් වන අතර ඉන් දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 216ක් පමණක් වේ.