පසුගියේ රජය සමයේ ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් කර නොමැති බව රජය අද ප්‍රකාශ කර සිටියා.
සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සදහන් කලේ පසුගිය කාලයේ අත්සන් කර ඇත්තේ SOFA හා ඇක්සා ගිවිසුම් පමණක් බවයි.
“MCC ගිවිසුමක් පසුගිය කාලයේ අත්සන් කලේ නැනේ. ජනතාවගේ විරෝධය හමුවේ එක්සත් ජාතික පක්ෂයට අත්සන් කරන්න බැරි වුණා. ඒක ඇත්ත. අත්සන් කලේ SOFA හා ඇක්සා කියන වෙනත් ගිවිසුම් දෙකකට ” සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළා.
මෙහිදි මාධ්‍යවේදින් ප්‍රශ්න කලේ MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ සදහන් බවයි.
ඒ සම්බන්ධයෙන් අධ්‍යනයකින් තොරව ප්‍රකාශයක් කල නොහැකි බව රජයේ ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා.