හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා හෙට දිනයේ ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැදවා තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට පස්වරු 2.30 ට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි එම ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා සඳහන් කළේ.
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඉකුත් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කොට තිබෙනවා.
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සමයේදී ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ අරවින්ද ද සිල්වායි.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ඉකුත් දා ප්‍රකාශ කර තිබුණේ අවසන් මහා තරගයේදී කී‍්‍රඩකයින් සිව්දෙනෙකු සිය අනුමැතියකින් තොරව කණ්ඩායමට ඇතුළත් කර තිබූ බවයි. ඊට අදාලව අරවින්ද ද සිල්වාගෙන් මෙලෙසප්රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා.