මුඛ ආවරණ නොපැළදු 1200 කට පොලිසියෙන් කළ දේ

June 29, 2020 at 11:18 AM

බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථානයන්හි මුඛ ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 1,280 ක් අවවාද කොට මුදා හැරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කර සිටිනවා.

එම පුද්ගලයින් ඊයේ (28) සිදුකළ විශේෂ මෙහෙයුමක දී හඳුනා ගෙන තිබෙනවා.

නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා පනවා ඇති නිරෝධායන සෞඛ්‍ය ක්‍රියා මාර්ගයන්ට අනුව මුඛ ආවරණ පැළදීම දිගටම සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.