කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර හිමියන්ට තවත් සහනයක්

June 28, 2020 at 8:32 AM

වලංගු කාලය අවසන් වන රියදුරු බලපත‍්‍ර අලූත් කිරීමේ සහන කාලසීමාව තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ජූලි මස පළමුවනදා සිට සැප්තැම්බර් 30 වනදින දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත‍්‍රවල වලංගු කාලය මාස 03 කින් දීර්ඝ කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

මාර්තු 16 වනදා සිට ජූනි 30 වන දින දක්වා කාලය තුළ කල් ඉකුත් වන සෑම රියදුරු බලපත‍්‍රයකම වලංගු කාලය එම රියදුරු බලපත‍්‍රයේ වලංගු කාලය අවසන් වන දින සිට මාස 6 කින් දීර්ඝ කර ඇති බව ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන්