කෘතීම බුද්ධියේ උපකාරයෙන් ඈත විශ්වයේ ජීවීන් සොයා යන මෙහෙයුමක් අරඹයි

June 27, 2020 at 11:05 AM

අඟහරු ඇතුළු වෙනත් ග්‍රහලෝක වල පුරාණ ජීවයේ සාක්ෂි සොයා යාම සඳහා කෘතීම බුද්ධිය උපකාර කරගත හැකි අයුරින් එය වැඩිදියුණු කිරිමට නාසා ආයතනය සමත්ව තිබෙනවා.

2022/23 වර්ෂයේදී ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අඟහරු ගවේෂණ අභ්‍යවකාශ වැඩසටහන සඳහා යොදා ගැනීමට නියමිත ” ExoMars” රෝවරයට ඉතිහාසයේ පළමු වතාවට මෙම කෘතීම බුද්ධිය ඇතුලත් නව සංඥා පද්ධතිය සවි කිරිමට නියමිතය.

අඟහරු ග්‍රහයාගේ තිබෙන පුරාණ ජීවීන්ගේ තොරතුරු ඇතුළු එහි තිබෙන දේ සම්බන්ධයෙන් වන තොරතුරු විශ්ලේෂණය කොට එය පෘථිවියට ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දිම රෝවරයේ සවිකොට ඇති මෙම කෘතීම බුද්ධිය හරහා සිදුකිරිමට නියමිතය.

මෙම පද්ධතිය අඟහරු ග්‍රහයාගේ මත අත්හදා බැලීම සිදුකළත් ඉදිරියේදී එය බොහෝ දුරින් පිහිටි බ්‍රහස්පති, ජුපිටර් වැනි ග්‍රහයන් සහ එහි උප ග්‍රහයින්ගේ තොරතුරු සොයා යෑමේ මෙහෙයුම් සඳහා යොදා ගැනීමට සැලසුම් කොට ඇත.

නාසා ආයතනය විසින් වැඩි දියුණු කරන ලද එම කෘතීම බුද්ධිය ඇතුලත් වැඩසටහන Goldschmidt හි පැවති භූ රසායන විද්‍යා සමුළුවට ඉදිරිපත් කරමින් නාසා ආයතනයේ ප්‍රධාන පර්යේෂක Victoria Da Poian ප්‍රකාශ කර සිටියේ මෙය ” අභ්‍යවකාශ ගවේෂණයේ දුරදර්ශි පියවරක්” බවයි.

මෙම ක්‍රමය සාර්ථක වුවහොත් ඉදිරියේදී අධික වියදමක් දරිමින් අජටාකාශ ගාමින් යොදා ගනිමින් සිදුකරන අභ්‍යවකාශ ගවේෂණ වලට තිත තැබීමේ හැකියාව උදාවනු ඇති.