මීට සති කිහිපයකට ඉහත දී කොත්මලේ ජලාශයට වැටුණු තරුණියක් බේරා ගැනීමට ගොස් සිය දිවි පරදුවට තැබූ හමීඩ් රිස්වාන්ගේ ජිවිත පරිත්‍යාගය අගයමින් ඔහුගේ බිරිඳ වෙත ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් රුපියල් ලක්ෂ 05 ක මුදලක් පරිත්‍යාග කරනු ලැබුවා.
රාජකාරියේ දී සිය දිවි පරදුවට තබා උපරිම කැපවීමෙන් ක්‍රියා කළ පොලිස් නිලධාරින් සහ සිවිල් වැසියන් ඇගයිමේ උත්සවයක් ආරක්ෂක අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබුවා.
හමීඩ් රිස්වාන් ජිවිතක්ෂයට පත්වූ එම කොත්මලේ ජලාශයේ සිදුවීමේදී දියට වැටී සිටි තරුණියගේ ජිවිතය බේරා ගැනීම සඳහා ක්‍රියා කළ තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු සහ ඔහුට සහය දැක්වීමට පැමිණි පොලිස් කොස්තාපල් සෙල්වරාජ් කන්දරුබන් හට ද ආරක්ෂක ලේකම්වරයා විසින් විශේෂ ඇගයීම් සහතිකයක් සහ මුදල් ත්‍යාග පිරිනැමුණා.
කොළඹ ජාතික රෝහලේදී ඉකුත් දා සිදුවූ ලක්ෂ 79 මුදල් මංකොල්ල සිදුවීමේදී එම මංකොල්ලකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට දායකත්වය දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයෙකුට හා කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුණි බෝගහවත්තට හටද ආරක්ෂක ලේකම්වරයා විසින් මුදල් ත්‍යාග සහ සහතික පත් පිරිණමනු ලැබුවා.