MCC ගිවිසුමේ මුදල් රජයට ලබාදී නැහැ : ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය කියයි

June 26, 2020 at 6:42 PM

යෝජිත MCC ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබාදීම සඳහා වෙන් කොට තිබු අමෙරිකානු ඩොලර් මිලියන 480 ක මුදල ශ්‍රී ලංකා රජය වෙත මාරු කිරිම හෝ වියදම් කිරිමක් සිදුකොට නොමැති බව මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.

ට්විටර් සටහනක් තබමින් මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර සිටියේ ගිවිසුම සම්බන්ධයෙන් තීරණය ශ්‍රී ලංකා රජය විසින් ගත යුතු බවයි.

MCC ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝනය කිරීමට පත් කරනු ලැබූ විද්වත් කමිටුව සිය වාර්තාව ඊයේ දිනයේදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබුවා.