ශ්‍රී ලංකාව හරහා සිදුකරන නෞකා සඳහා විදෙස් නැවියන් හුවමාරු කිරිමේ ක්‍රමවේදය වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව සම කබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.
විදේශීය රටවලින් පැමිණෙන නැවියන් තමන් රැකියා කරනු ලබන නෞකාවලට මාරු කිරිමේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස පසුගිය සති කිහිපයේදී වැඩපිළිවලක් දියත්ව තිබු බවයි මෙහිදී අමතිවරියා කියා සිටියේ.
එලෙස සේවය සඳහා පැමිණෙන විදේශීය නැවියන් බොහෝ පිරිසක් මෙරටදී සිදුකළ පරීක්ෂණ වලදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇත.