කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට විදේශ විනිමය ගලා ඒම් සහ ගලා යාම් මාස 03 කාලයක් පාලනය කර තිබූ අතර එම කාළය එළඹෙන ජූලි මස 02වන දා සිට තවත් මස හයකින් මසකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අතර විදේශ විනිමය අනුපාතයට ඇතිවන අහිතකර බලපෑම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(25) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්ය.
තවද විශේෂ තැන්පත් ගිණුම් මාර්ගයෙන් රට තුළට විදේශ විනමය ප්‍රේෂණය කිරීම උනන්දු කරවීම පිණිස පවත්නා නීති රීති සංශෝධනය කර ඇත.
ඒ අනුව දැනට පවතින විදේශ විනිමය නීතිය, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම වැළැක්වීමට අදාළ නීතිවල පවතින විධිවිධාන හේතුවෙන් පැනැ නැගී ඇති ගැටලු අවම කිරීම සඳහා ඉකුත් අප්‍රේල් මස 18 වන දින ගැසට් නිවේදනය සංශෝධන කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එතෙර සිටින ශ්‍රී ලංකිකයන්ට වැඩි වරප්‍රසාද සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති විශේෂ ගිණුමේ මුදල් ප්‍රේෂණය කළ හැකි අතර එහි පොළී අනුපාතය සාමාන්‍ය පොළී අනුපාතයට වඩා සියයට දෙකකින් වැඩි බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී පෙන්වා දුන්නා.