යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙකුට දුන් මිලියන 500ක අල්ලස ගැන හෙළිවේ

June 24, 2020 at 9:38 AM

ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියකට අරමුදල් සැපයූ ආයෝජකයින් විසින් පසුගිය යහපාලන රජයේ කැබිනට් අමාත්‍යවරයකුට රුපියල් මිලියන 500 ක් මුදලක් කොමිස් වශයෙන් ගෙවා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් ඊයේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය අනුමත කිරීම සඳහා මෙම මුදල් ගෙවා ඇති බවට චෝදනා ලැබ සිටින ව්‍යාපෘතියේ නම හෝ ඇමතිවරයාගේ නම හෙළි කිරීම ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රතික්ෂේප කර සිටියේ ඒ සම්බන්ධයෙන් වන තොරතුරු හෙළිකරන ලෙස මාධ්‍යවේදීන් බලකර සිටියදීය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් තමන් සම්පූර්ණ වගකීම භාර ගන්නා බවයි විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ. එල්එන්ජී, ගල් අඟුරු, සුළං, සූර්ය බලශක්ති ව්‍යාපෘති සහ තවත් පුනර්ජනනීය බලශක්ති බලාගාර කිහිපයක් ආරම්භ කිරීමත් සමඟ 2025 වන විට ලංකා විදුලිබල මණ්ඩලය විසින් තාප විදුලි උත්පාදනය ආරම්භ කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.