ගතවූ පැය 48 තුලදී මෙරටින් කිසිදු කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු වාර්තාවී නොමැති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා. මෙරට සිදුකළ PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 95,000 ඉක්මවා තිබෙන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.
මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කර සිටි තවත් රෝගීන් 26 දෙනෙකු සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 1,498 ක්.
මෙරටින් මේ වනවිට නව්‍ය කොරෝනා ආසාදිතයින් 1,950 දෙනෙකු වාර්තා වුවත්, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 441 දෙනෙකු පමණයි.