කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කර තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් විසින් මෙම නව නිර්මාණය සිදු කළ බව මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ.
එම ජංගම දුරකථන යෙදවුම මඟින් කොවිඩ් අවදානම් සහිත පුද්ගලයින් දුර සිට හඳුනාගත හැකි බවද මහාචාර්ය චන්දන ජයරත්න කියා සිටියා.
එමෙන්ම ජනතාව සඳහා ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමට මෙම යෙදවුම මඟින් කාර්යය රැසක් ඉටු කර ගත හැකි බවයි ඔහු සඳහන් කළේ.
මෙම යෙදවුම වෙනත් රටවල් සඳහා ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට භාරදීමට කටයුතු කරන බවද මහාචාර්යවරයා සඳහන් කළා.