දුම්රියක් පිළි පනියි : උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

June 20, 2020 at 7:19 PM

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියක් පට්ටිපොල දුම්රිය ස්ථානයට අසල පිළි පැනිමට ලක් වි තිබෙනවා.

නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ කොළඹ කොටුව සිට සිට දිනපතා උදැසන 9.30 බදුල්ල දක්වා ගමන් ආරම්භ කරන දුම්රියේ නැරඹුම් මැදිරිය අද දින සවස 5.30 ට පමණ පිළි පැනිමට ලක් වි ඇති බවයි.

පිළි පැනිමට ලක් වු නැරඹුම් මැදිරිය සෙසු දුම්රිය මැදිරි වලින් ගලවා ඉවත් කර නැරඹුම් මැදිරියේ සිටි මගින්ව සෙසු දුම්රිය මැදිරිවලට නංවා දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරිමට කටයුතු කරන බවයි නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

පිළි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය පිලි ගත කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු තරමක් ප්‍රමාද වන බවත් පිළි පැනිමට දුම්රිය මැදිරිය යලි පිලි ගත කිරිමට කටයුතු කරන බව ඔහු සඳහන් කර සිටියා.