මැද පෙරදිග සිටි ලාංකිකයින් 23 දෙනෙකු කොරෝනාවෙන් ජිවිතක්ෂයට

June 19, 2020 at 3:34 PM

මැද පෙරදිග රටවල සේවය කරමින් සිටි ලාංකිකයින් 23 දෙනෙකු කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් ජිවිත්ක්ෂයට පත්ව ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රජ්‍යයේ සිටි 08 දෙනෙකු, කුවේටයේ 07 දෙනෙක් සහ සෞදි අරාබියේ 6ක් සහ ඔමානයේ 02 දෙනෙකු වශයෙන් ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙම මියගිය සියළු දෙනාගේ අවසන් කටයුතු කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පනවා ඇති ජාත්‍යන්තර නීතින්ට අනුකූලව සිදුකළ බවයි විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කලේ.