කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හදුනා ගත් රෝගී ගුවන් මගියෙකු කටාර් රාජ්‍යයේ දෝහා සිට අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා. එලෙස ඒවා ඇත්තේ ඉන්දියානු ජාතික නාවිකයෙක් බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඉකුත් 17 වෙනිදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම නාවිකයා ඇතුළු ඉන්දීය ජාතිකයින් 69 දෙනෙක් මෙරටට පැමිණියා. ඔවුන් සියලු දෙනාම නෞකා වල සේවය කරනු ලබන නාවිකයින් වන අතර එයින් 15 දෙනෙකු කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව ගියේ කටුනායක ගුවන් තොටුපොළ හරහාය.
එලෙස ගමන් කළ පිරිසෙන් එක් නාවිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දෝහා හිදී සිදුකළ PCR පරීක්ෂණයේදී තහවුරු වී ඇති අතර ඒ අනුව ඔහුව යළි පැමිණි ගුවන් යානයෙන්ම ශ්‍රී ලංකාව බලා හරවා ඒවා ඇත.
එලෙස පැමිණි ඉන්දීය ජාතික නාවිකයාව IDH රෝහලට ඇතුලත් කොට ඇති බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ.