වාහන දඩ මුදල් ගෙවන්න ජුනි 30 දක්වා සහනයක්

June 18, 2020 at 4:04 PM

පෙබරවාරි මස 16 වන දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති එහෙත් කොවිඩ් 19 වසංගතය හමුවේ නොයෙක් හේතුන් මත ගෙවීමට නොහැකිවූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා ජුනි මස 30 වෙනිදා දක්වා සහන කාලයක් ලබා දීමට රජය විසින් කටයුතු කර තිබෙනවා.

පෙබරවාරි 16 වෙනිදා නිකුත් කර ගෙවීමට සම්මත කාල සීමාව ඉක්මවා ඇති දඩ පත්‍රිකා අතිරේක දඩ මුදලක් සමග ගෙවීමට හැකි බවයි තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කර සිටිනවා.

මෙම දඩ මුදල් දිවයිනේ පිහිටි ඕනෑම තැපැල් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවීමට හැකියාව ඇත.