කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවන ලද ඇඳිරි නීතිය නිසා මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා වූ කාල සීමාව වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට අයවිය යුතු මුදල් මහජනතාව ගෙන් හෝ විවිධ ආයතනවලින් ගෙවා නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා.
ඇඳිරි නීතිය පනවා තිබු එම කාල සීමාව සඳහා විදුලිබල මණ්ඩලයට අයවිය යුතු සම්පුර්ණ මුදල රුපියල් කෝටි 200 ඉක්මවා ඇත.
කොරෝනා වෛරසය හේතුවෙන් නිසි පිරිදි නිවෙස් වෙත ගොස් විදුලි බිල්පත් නිකුත් කිරිමට නොහැකි වූ බවත් එම කාල සීමාව පුරාවට විදුලිබල මණ්ඩලය අඛණ්ඩව විදුලි සැපයුම සිදුකර ඇති බව පවසන ඇමතිවරයා විදුලි බිල්පත් ගෙවීම යුතුකමක් බවද කියා සිටියා.
පවතින තත්ත්වය හමුවේ අසරණවී සිටින ජනතාවට සහනයක් වශයෙන් විදුලි බිල්පත වාරික ක්‍රමයට පියවීමේ අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ජා කළ බවයි මහින්ද අමරවීර කියා සිටියේ.