බීජිං හි පැතිරෙන නව කොරෝනා වෛරසයේ ප්‍රභවය වෙනස්

June 17, 2020 at 11:14 AM

චීනයේ බීජිං අගනුවර ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස වුහාන් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැතිරුණු වෛරස් ප්‍රභවයට වඩා වෙනස් බව වුහාන් සරසවියේ ජීව විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය Yang Zhanqiu ප්‍රකාශ කර සිටිනවා.

මෙම වෛරස් ප්‍රභවය කෙටි කලක් තුලදී ඉක්මනින් ව්‍යාප්ත වන බැවින් බීජිං නගරය තුල රෝගීන් රැසක් වාර්තා වීමේ අවධානමක් පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

බීජිං අගනුවර පිහිටි Xinfadi වෙළද සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් මෙම වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ බැවින් එහි සාම්පල් සහ යුරෝපයේ පවතින වෛරස සාම්පල් සමග සැසදේ නම් එය නියත වශයෙන් යුරෝපයේ සිට පැමිණි ආහාර හෝ පුද්ගලයෙකු ගෙන් ව්‍යාප්තවුවක් ලෙස සැලකිය හැකි බවයි වෛද්‍ය Yang Zhanqiu විශ්වාසය පළකර සිටින්නේ.

යුරෝපයේ ව්‍යාප්ත වූ වෛරසය ඉතා කෙටි කාලයක් තුලදී පුද්ගලයින් රැසකට ආසාදනය වූ බව ඔහු කියා සිටියා.

නව වෛරස් ප්‍රභවය සඳහා එන්නතක් සොයා ගැනීම අභියෝගාත්මක කරුණක් වන බවත් වෛරසය විවිධ ප්‍රභවයන් වලට වෙනස්වීම නිසා ලබා දෙන එන්නත් මගින් අවශ්‍ය ප්‍රථිපල ලඟා කර ගැනීම අපහසු වන බවයි වෛද්‍ය Yang Zhanqiu වැඩිදුරටත් කියා සිටියේ.