කෝවිඞ්-19 වසංගත තත්ත්වය සමග මතුවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා නව ණය වැඩසටහන් හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1 ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබා දීමටයි තීරණය කර ඇත.
එම පහසුකම දේශීය ව්‍යාපාර බොහොමයක් සඳහා බෙදී යෑම සහතික කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එම අරමුදල් සියයට 4 ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබා දෙනු ඇති බව මහ බැංකුව නිවේදනය කර සිටිනවා.
මෙම යෝජනා ක්‍රමය සහ දැනට පවතින ප්රතිමුල්ය යෝජනා ක්‍රමය මගින් කෝවිඞ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150 ක් සැපයෙනු ඇති.
මීට අමතර ව, ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර විසින් අතීතයේ සිදු කරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමාන ව රජය විසින් නිකුත් කෙරෙන ඇපකරයක් මත ඉහත සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් සම්පාදනය කෙරෙමින් එම ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනු බවටද මහ බැංකුව නිවේදනය කර සිටිනවා.