කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ සුව සේවා විරුවන්ට උපහාර පිණිස Cinnamon Hotels & Resorts වෙතින් නොමිලේ නිවාඩු පැකේජයක් පිරිනමා තිබෙනවා.
“Cinnamon සුවවිරු ප්රණාම” ලෙස නම් කර ඇති පැකේජය පිළිබඳ ප්‍රකාශය John Keells Holdings සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර අද (16) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවා.
කොවිඩ් ආසාදිතයන්ට පප්රතිකාර කළ රෝහල්වල කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම් කිරීම මත පැකේජ 1000ක් පිරිනමා තිබේ.
ඔවුන්ට Cinnamon Hotels & Resorts යටතේ ඇති හෝටල් 09න් එකක සියලු පහසුකම් සහිතව රාත්‍රී දෙකක් නොමිලේ තම නිවාඩුව ගත කිරීමට අවස්ථාව හිමි වේ.
පැකේජය 2020 ජූලි 1 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා වලංගුව පවතී. Cinnamon Grand Colombo, Cinnamon Lakeside Colombo, Cinnamon Red Colombo, Cinnamon BeyBeruwala, Cinnamon Wild Yala, Cinnamon Lodge Habarana, Cinnamon Citadel Kandy, Habarana Village by Cinnamon සහ TrincoBlu by Cinnamon යන හෝටල් නවයෙන් එකක් තෝරා ගැනීමට පිළිවන.