උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මෙරටට පැමිණි ඉරාන ජාතික කාර්මික නිලධාරින් සිව්දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කලේ සිදුකළ PCR පරීක්ෂණ වලදී එම පුද්ගලයින් තිදෙනාට වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ බවයි.
උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය නිම කිරිම සඳහා ඉරානයේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට කාර්මික ශිල්පින් 85 දෙනෙකු පැමිණියා. ඔවුන් මෙරටට පැමිණීමෙන් පසුව PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබූවා.