මිරිහාන ඝාතනයේ සැකකරුවන් 08 දෙනා රිමාන්ඩ්

June 11, 2020 at 4:43 PM

ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 8 දෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා නියෝග කරනු ලැබුවා.

මිරිහාන පරණ කොට්ටාව පාරේ පිහිටි මූල්‍ය ආයතනයක් ඉදිරිපිට දී ඊයේ (10) මෙම ඝාතනය සිදුවූ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මිරිහාන පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.