නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 1057ක් දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.
ඒ වෛරසය ආසාදනය වී සිටි රෝගීන් 67 දෙනෙකු අද දිනයේදී සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමගයි.
මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1857ක් වන අතර මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 789ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටින්නේ.