ලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පතක් හඳුන්වා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබෙනවා.
දැනට පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මුදල් පරිහරණයේදී එම වෛරසය මුදල් මගින් මහජනතාව අතර පැතිරීමට ඇති ඉඩකඩ වැඩි බව පෙනී ගොස් තිබෙනවා. ප්‍රවාහන කේෂ්ත්රයද ඊට එක් නිදසුනක් වනවා.
ඒ හේතුවෙන් මෙම පෙර ගෙවුම් කාර්ඩ් පත කඩිනමින් හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ජාතික ගමනාගමන කොමිසම වෙතට උපදෙස් ලබාදී ඇත.
මෙම කාර්ඩ් පත දුම්රිය ගමනාගමනය සඳහා ද යොදා ගැනීමට අපේක්ෂා කරන බවත් පෙර ගෙවුම් ගමන් කාඩ් පත හඳුන්වා දීමෙන් පසුව ලංගම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්හට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වැටුපට අමතරව මාසික දීමනාවක් ද ලබා දීමට පියවර ගන්නා ලෙස ඇමතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත.
පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට ද වැටුපට අමතරව දීමනාවක් ලබා දීම සම්බන්ධව පුද්ගලික බස් රථ හිමියන් සමග සාකච්ඡා කරන ලෙස ඇමතිවරයා ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට උපදෙස් දෙනු ලැබුවා.
මෙම මගී ප්‍රවාහන කාඩ් පත සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතිනවා. ඒ අනුව එය ලබන ජුලී මාසය අවසානයේදී මගී ජනතාව වෙත නිකුත් කිරිමට නියමිතව ඇතz
ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම අමාත්‍ය මහින්ද අමරවීර හට කියා සිටියේ ජූලි මාසයේ අවසන් සතිය වනවිට මෙම කාර්ඩ් පත අප රටේ මගීන්ගේ පරිහරණය සඳහා හඳුන්වා දීමට සූදානම් බවයි.