සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 990ක් දක්වා ඉහලට

June 8, 2020 at 4:06 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 990ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

සෞඛ්‍ය අංශ සඳහන් කලේ අද දිනයේදී ද කොරෝනා වෛරසය වැලදී සිටි රෝගීන් 4 දෙනෙක් සුවය ලබා ඇති බවයි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 1,835 ක්. ඒ අතරින් 834 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.