නවසීලන්ත අගමැතිනිය නැටවූ කොවිඩ්19 අවදානමෙන් මිදුණු පණිවුඩය.

June 8, 2020 at 12:49 PM

 

නවසීලන්තය තුළ කොවිඩ්19 ආසාදිතයින් කිසිවෙකුත් වාර්තා නොවීම හේතුවෙන් එරට පැවැති සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

අදත් එරටින් කිසිදු කොවිඩ්19 ආසාදිත පුද්ගලයෙකු වාර්තා නොවීය.

නවසීලන්ත අගමැතිනිය මෙම තත්ත්වය ලඟා කරගැනීම සමස්ත නවසීලන්ත ජාතිකයින්ගේ ජයක් බව පවසමින් මුලු රටටම ස්තුති කළාය.

මේ සුබාරංචිය ලද මොහොතේ තමා මඳක් නැටූ බවයි ඇය මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත්තේ.

කෙසේ වෙතත් එරට ජාත්‍යන්තරයට විවෘත වීම තවදුරටත් කල් යනු ඇති බවයි වාර්තා වන්නේ.