මංජු තේනුවර මාධ්‍යවේදියා මාතර විජයසීහ නමින් පැවිදි දිවියට!

June 8, 2020 at 11:28 AM

ස්වර්ණවාහිනිය සහ සිරස මාධ්‍යජාලයේ ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ මංජු තේනුවර අද මිනුවන්ගොඩ භික්ෂු අභ්‍යාස   ආයතනයේදී පැවිදි දිවියට එළඹුණි.

ස්වර්ණවාහිනියේ කාන්තා වැඩසටහන් අංශයේ කටයුතු කළ ඔහු පසුව සිරස මාධ්‍ය ජාලයේ ක්‍රීඩා සහ ලන්ච් ටයිම් ටීවී ඔස්සේ ජනප්‍රිය මාධ්‍යවේදියකු විය.

අද ඔහු පැවිදි දිවියට එළඹියේ මාතර විජය සීහ නමිනි.

පැවිදි බිමට එළඹි උන්වහන්සේට සිය මෑණියන් නමස්කාර කලේ මෙලෙසිනි.