සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් හෙට (7 ) පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
ඡන්දදායකයින් 200යක් පමණ පිරිසක් මේ සදහා යොදා ගැනීමට නියමිතය. සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යැමේදි මතුවිය හැකි ගැටලු හදුනා ගැනීම මේ වැඩපිලිවෙලේ ප්‍රධාන අරමුණ වන බවයි වාර්තා වන්නේ.
දුරස්ථභාවය පවත්වාගෙන යමින් ,මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිතා කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදි සෞඛ්‍යා රක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ මැතිවරණ පෙරහුරුව පැවැත්වීමට නියමිතය.
