හෙට අම්බලන්ගොඩ දී ඡන්ද පෙරහුරුවක්

June 6, 2020 at 5:53 PM

මෙවර මහමැතිවරණය සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කළ හැකි ආකාරය පෙරහුරුවක් ලෙස සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව අම්බලන්ගොඩ විලේගම ධර්ම යුක්තිකාරාම විහාරස්ථානයේ පෙරහුරු ඡන්ද මධ්‍යස්ථානය ක් පිහිටුවා ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරෙනවා.

මැතිවරණ නිලධාරීන් පිරිසක් මේ වනවිටත් එහි ගොස් මූලික සංවිධාන කටයුතු සිදු කරමින් සිටිනවා.