සොයිසාපුර වෙඩි තැබීමේ තව තොරතුරු හෙළිවේ.! අංජු ගේ කල්ලියේ වැඩක්.

June 2, 2020 at 10:21 AM

ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම එල්ල කළ රෝසා නැමැති පාතාල කල්ලි සාමාජිකයා අද  මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී හෝටලයක හිමිකරුගෙන් කප්පම් ඉල්ලා  එම හෝටලයට කඩුවලින් පහරදී පසුව වෙඩි තැබීම සිදුකිරීමට මොහොතකට පෙර එම අපරාධ කල්ලිය ඩුබායි හි සිට මෙහෙයවූ ප්‍රබල පාතාල කල්ලි නායාකයකු ලෙස සැලකෙන  අඟුලානේ අංජු නොහොත් කුඩු අංජුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

හෝටලයේ හිමිකරුට හඬන්නටයැයි පැවසීමත් සමඟ විනාඩි කිහිපයකින් අදාල හෝටලයට අංජුගේ ගෝලයන් යොදවා ප්‍රහාරය එල්ල වෙයි.

පාතාල නායක අඟුලානේ අංජුගේ ගෝලයකු වන ධර්මේ අයියා නැමැත්තෙකු  ලබාදුන් තර්ජනාත්මක දුරකථන ඇමතුමක සඳහන්  වන රෝහණ නැමැත්තා ඔව්න්ගේු ඝාතන ඉලක්කයක් වී තිබේ.

ඊට යොදාගෙන ඇත්තේ රෝසා නමැත්තෙකි.

රෝහණ ඝාතන තැත ගල්කිස්ස උසාවියේදී වැරදී ගොස් තිබේ.

එම සිද්ධිය ට  අත්අඩංගුවට පත්වූ රෝසා ඇප මත නිදහස්ව සිටියදී කොණ්ඩ ජනියා සමඟ එක්වී සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට යොදාගෙන තිබුණි.

ඒ අනුව  හෝටලයට වෙඩි තැබීමට අදාල කොණ්ඩ ජනියා අත්අඩංගුවට ගත් අතර මාතර ප්‍රදේශයේදී රෝසා නැමැති පාතාල  සාමාජිකයා ද කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් විසින් අත්අංගුවට ගෙන ඇත.

රෝසා නැමැත්තා ඊයේ  පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබා ප්‍රශ්න කිරීමට නියෝග කර ඇති බව වාර්තා වෙයි.