තොණ්ඩමන් ගේ අවසන් දේශපාලන හමුව

May 27, 2020 at 6:53 PM

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා ඊයේ (2020.05.26) පස්වරුවේදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී වතුකරයේ දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කරන ලදි.

එහිදී වතුකරයේ ජනතාවගේ නිවාස ගැටළු විසඳීම සඳහා යෝජනාවලියක් ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී ඇත.

එමෙන්ම වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය ගැටළු,පාසල් සංවර්ධනය,වතුකරයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (2020.05.26) පස්වරුවේ ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද වතුකරයේ දෙමළ ජනතාවට තිබෙන ගැටළු සහ ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් (2020.05.27) අද පැවති කැබිනට් රැස්වීමේදි ඉදිරිපත් කරන ලදි.

ඡායාරූප විස්තරය- ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා අවසන් වරට පෙනී සිටි ඡායාරූපය