දිවයින පුරා ඇඳිරිනීතිය හෙට ලිහිල් කෙරෙන බැවින් හා අන්තර් පළාත් බස් රථ සේවා හෙට ඇරඹෙන බැවින් ලංගම රියදුරු හා කොන්දොස්තර නිවාඩු අවලංගු කරතිබේ.
ලංගම බස් 3200ක් හෙට ධාවනයට එක් කෙරෙන අතර පුද්ගලික බස් සෑහෙන ප්‍රමාණයක් ද හෙට ධාවනය වනු ඇති.
කෙසේ වෙතත් ඒවායේ මගී ප්‍රවාහනය සිදු වියයුත්තේ ආසන ප්‍රමාණයට වන අතර එම නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ.
දුර ගමන් සේවා ක්‍රියාත්මක වන්නේ නුවර පාර නිට්ටඹුව දක්වාත්, ගාලු පාර අවිස්සාවේල්ලටත්, ගාලු පාර පානදුරටත් , කුරුණෑගල පාර මිනුවන්ගොඩටත් පමණි. තවදුරටත් රාජකාරි සඳහා පමණක් පොදු ප්‍රවාහන සේවා සීමා සහිත වේ.